Sunday, 23 July 2017

සෝවියට් ජිවිතයෙන් බිඳක් 1

 සෝවියට් දේශය පොත ශ්‍රී ලංකාවේ වාමාංශික අදහස් ඇත්තන් පමණක් නොව වෙනත් රටවල් පිලිබඳ දැන ගැනීමට ආශා කරන්නන් ද කියවූ සඟරාවකි. මට මතක විධිහට එය එව්වේ සෝවියට් සංස්කෘතික මන්දිරය මගින් නොමිලයේය. පසුගිය ලිපියට වැටුණු ප්‍රතිචාරයක තිබුනේ සෝවියට් දේශය පොත ප්‍රචාරණය සඳහා නිමවූවක් පමණක් බවයි.  එහි සත්‍ය තොරතුරු අඩංගුව තිබුනේ නැතිමද යන්න මගේ අත්දැකීමක් තුලින්ම විමසීම මෙම ලිපියේ අරමුණයි.

1983 දී උසස් පෙළ විභාගයට පෙනී සිටි  සෝවියට් දේශයේ ඉගෙනීම සඳහා ගියේ 1984 වසරේය. එම වසරේ මූලික අවුරුද්ද පද් යනුවෙන් (preparatory faculty පද්ගතවිතේල්නි ඵකුල්ටියේත් ) හැඳින්වුණි. රුසියානු භාෂාවට අමතරව අපොස උසස් පෙළ හා විශ්ව විද්‍යාල පළමු වසරට උගන්වන රසායන විද්‍යාව, භෞතික විද්‍යාව, ගණිතය, ජ්‍යාමිතික සැලසුම් නිර්මාණය ආදී විෂයන්ද රුසියානු භාෂාවෙන්ම ඉගැන්වුනි.   අප උගත්තේ මාදි නමින් හඳුන්වන මොස්කව් රථ වාහන හා මාර්ග සංවර්ධන විශ්ව විද්‍යාලයේය. (MOSCOW AUTOMOBILE AND ROAD CONSTRUCTION STATE TECHNICAL UNIVERSITY(MADI))

මෑතකදී මම  එංගලන්තයේ සේවය කරන,  මොස්කව් රාජ්‍ය විශ්ව විද්‍යාල පළමු වෛද්‍ය පිඨයේ (1st medical) උගත්,  මගේ මිතුරෙක් වන වෛද්‍ය සුදත් කුමාරසිංහ හමුවීමට ගියෙමි. ඔහු  පසුගිය මස ශ්‍රී ලංකාවට ගිය අවස්ථාවේ ඔහුගේ නිවසේ තිබු සෝවියට් සඟරාවක් රැගෙන පැමිණියේය.  එහි තිබුනේ 1985 අවුරුද්දේ සෝවියට් දේශය සඟරාවේ  අප ගැන පලවී තිබු ලිපියකි. එය හඳුන්වා තිබුනේ "ශ්‍රී ලංකාවට විශේෂඥ කණ්ඩායමක් " යනුවෙනි.
මේ තිබෙන්නේ එම ලිපියයි.
මේ ලිපියේ ඇති පින්තුරයේ වම් පස කෙළවර සිටින්නේ මමයි. මුළු කන්ඩායමේ ම ලාබාළතමයා  වූයේද මමයි. මගේ වම් පස සිටින්නේ ආචාර්ය ජානක ලියනගම මහතායි. රාජකීය විදුහලේ මෙන්ම මාදි හිද දීප්තිමත් සිසුවකු වූ ඔහු පසුව ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලයේ නියෝජ්‍ය උපකුලපති (2009) ලෙස කටයුතු කරන බව දැන  ගතිමි.  දැන් ඔහු රැකියාව කරන්නේ පෞද්ගලික විශ්ව විද්‍යාලයක උප කුලපති ලෙස බව මිතුරෙකු පැවසීය.
අපි කට්ට්ටිය 1985 MADI 
ඔහුගේ වම් පසින් සිටින්නේ ප්‍රභා ගුණවර්ධනයි. ඇය ඇමෙරිකා  එක්සත් ජනපදයේ ඉංජිනේරුවරියක ලෙස සේවය කරන්නීය. ඇය ඉදිරිපසින් මැද සිටින්නේ  ආචාර්ය වඩුගේ(Phd) ය.  ඔහු රුසියානු තරුණියක සමග විවාහ වී සිටින අතර මොස්කව් හි ව්‍යාපාර  කිහිපයක හිමි කරුවෙකි. ඔහු ගේ වම් පසින් පිටුපස සිටින්නේ කොළඹ ආනන්ද විද්‍යාලයේ උගත්, චතුර ලෙස සිංහල කතා කරන ආචාර්ය සිවලිංගම් සෙල්ව කුමාර් ය. සෙල්ව කුමාර් මහතා යාන්ත්‍රික ඉංජිනේරුවකු ලෙස කටයුතු කරන ඕස්ට්‍රේලියාවේ හා ශ්‍රී ලංකාවේ  ව්‍යාපාර හිමි කරුවෙකි. ඔහු ලඟින් වමේ සිටින්නේ ආනන්දයේ ම උගත් අජිත් පියරත්න. ඔහු ඕස්ට්‍රේලියාවේ විදුලි ඉංජිනේරුවරයෙකු ලෙස සේවය කරයි. ඔහු අසල කෙළවරේම දකුණේ සිටින්නේ කල්‍යාණ ඔබේසේකරයි.  යාන්ත්‍රික ඉංජිනේරුවෙකු ලෙස ශ්‍රී ලංකන් ගුවන් සේවයේ නියුතුව සිටි ඔහු දැන් ජිවත් වන්නේ එංගලන්තයේ ස්ටන්ස්ටෙඩ් පෙදෙසේය. ඔහු සතුව අහස්යානා සැලසුම් පිලිබඳ තමන්ගේම ව්‍යාපාරයක් ඇති අතර එහි මුලස්ථානය ස්ටන්ස්ටෙඩ් ගුවන් තොටුපලේ පිහිටා ඇත.  සියල්ලන්ම විශිෂ්ට ලෙස සෝවියට් දේශයේ අධ්‍යාපනය අවසන් කළහ.

(සෙල්ව කුමාර් ගේ සමකාලින සිවිල් ඉංජිනේරු උපාලි හේවගේ මහතා මෙම පින්තුරයේ නැත) 
මේ සියල්ලන්ම අපොස උසස් පෙළ සමත් දිස්ත්‍රික් ක්‍රමය නිසා ඒ ඒ විශ්ව විද්‍යාල වලට යාමට නොහැකි වුනු සරසවි වලට ඇතුලත් වීමට සුදුසුකම් තිබූ හෝ සරසවී  සඳහා ප්‍රවේශයන් ලැබූ අයයි. සෝවියට් දේශයේ ජනතාව  අපට ඉගැන්වූවා ට අප ඔවුන්ට අදත් ණය ගැතිය. රුසියානුවෙක් හමුවෙන ඕනෑම මොහොතක මම ඔවුන්ට එය පවසමි.
පරීක්ෂණාගරයක 
මේ පින්තූරය තරමක් ගැටළු සහගත වන්නේ මේ පරීක්ෂණාගාරය අප සියල්ලම උගන්නා තැනක් නොව එහි සිටි යාන්ත්‍රික ඉංජිනේරු ශිෂ්‍යන්ට පමණක් වීමයි. මෙය ප්‍රචාරණය සඳහා යයි යමෙකුට චෝදනා කළ හැකිය. නමුත් පර්යේෂණාගාරය එතැන තිබුණු අතර එය බොරුවක්  නොවේ. මාධ්‍යවේදියා අපටද එතැනට එන්නට කියා සියල්ලන්ගේම පින්තූරයක් ගත්තේය. 
පහළ පින්තූරය හොඳින් බලන්න. මේ විශ්ව විද්‍යාලය හිඟන රටක තිබිය නොහැකිය.
මාදි 1985
පහත පින්තූරයේ සිටින්නේ මමයි. මොස්කව් විදුලිබල හා බලශක්ති විශ්ව විද්‍යාලයේ රිලේ සම්බන්ධ කරන එලෙක්ට්‍රොනික පුවරුවක් ක්‍රියාත්මක කරමින් සිටියදී මිතුරු සිසුවකු ගත් ඡායා රූපයකි. මා මෙය පළ කරන්නේ සෝවියට් දේශය සඟරාවේ පල කරන ලිපි වල ඡායාරුප හා සැබෑ තත්වය එතරම් වෙනස් නොවන බව කියන්නටය.

1986 MEI 

පහත පින්තුරය මා අසල  සිටින්නේ බංග්ලාදේශ සිසුවෙකි. ඔහු ගේ වම් පසින් අපේ පළමු වසරේ රුසියානු භාෂාව ඉගැන්වූ නීනා ෆෙදරෝව්නා ගුරුතුමියයි. ඉතා කරුණාවන්ත ගුරුතුමියක් වූ ඇය මම අදත් ඉතා ආදරයෙන් සිහි  කරමි. ඇය අසල සිටින්නේ ඉන්දියානු සිසුවකු වන අරුන්ය.
පළමු අවුරුද්දේ කෞතුකාගාර සවරියකදී 1984-85
නීනා ෆෙදරෝව්නා අපව නිතර කෞතුකාගාර , චිත්‍ර ප්‍රදර්ශන නරඹන්නට මෙන්ම  පුෂ්කින්, ශේස්තොකොවිච් වැනි ලේඛකයන්ගේ, සංගීතඥයන් ගේ නිවෙස් වලට රැගෙන ගියාය. සමහර ඒවා විශ්ව විද්‍යාලයෙන් පවසා කරන ලද ඒවා වුවත් බොහොමයක් ඇගේ කැමැත්තෙන් ම අප රැගෙන ගිය ඒවා විය. මට උණ හැදී අසනීප වූ විට නේවාසිකාගාරයටම  පැමිණ දුක සැප බලා ගියාය. දෙමව්පියන්ගෙන් ඈත්ව දුරු රටක උගන්නා  අපට ඇය මවක් බඳු විය.

- මතු සම්බන්ධයි

38 comments:

  1. 80-86 අතර කාලයේ මමත් සෝවියට් දේශය සඟරා ගෙන්න ගත්තා පමණක් නෙමෙයි, එකතුත් කළා. මේ සඟරාවත් මගේ එකතුවේ තියෙන්න ඇති. රුසියන් භාෂා පාඩම් තීරු වෙනම කපා එකතු කළා. පසුව, 1988දී පමණ පැවති ජීවිත අවදානම නිසා මේ සඟරා වගේම රාවය සඟරා ආදියත් ඉතා කණගාටුවෙන් විනාශ කර දැම්මා. මේවායින් දැනගත් දේවල් අතර සමාජවාදයට කිසිදු සම්බන්ධයක් නැති ලංකාවේ නොවැවෙන පළතුරු වර්ග ගැන තොරතුරු ආදියත් තිබුණා.

    ReplyDelete
    Replies
    1. ඒ කාලයේ සෝවියට් දේශය සඟරාව තිබ්බ එකටත් ජිවිත අවදානමක් තිබ්බ කියන්නේ හිතා ගන්න බැහැ පොලිසියයි හමුදාවයි කොතනද හිටියේ කියල. එතකොට අපිත් නිකන් කැරලිකාරයෝ වගේ. හේ හේ

      Delete
    2. මම හිතන්නේ සෝවියට් දේශය පොතේ සමාජවාදයට කරන මුකුත් පළ වුනේ නැහැ කියල. ඒ කියන්නේ මාක්ස්වාදී ලිපි එහෙම ගියේ නැහැ.

      Delete
    3. සෘජුව මාක්ස්වාදය ගැන කිසිවක් ලියා තිබුණු බවක් මතක නැහැ. සඟරාව කියවීම කිසිසේත්ම නීරස නොවුනේ ඒ නිසයි. සමූහ ගොවිපොළවල් වැනි දේ ගැන ලිපි තිබුණා.

      //හිතා ගන්න බැහැ පොලිසියයි හමුදාවයි කොතනද හිටියේ කියල.//
      ගම්පෙරළිය පොතක් පොලීසියෙන් හොයාගත්ත කතාව අහල ඇතිනේ.

      Delete
    4. මම හිතුවේ ඒක 71 ට අදාළ එකක් කියල." ගම් පෙරලිය" වගේ නවකතා කියෙව්වේ ඒ කාලෙනේ. පාසැල් නිර්දේශයට තිබ්බේ. 88-89 කාලේ ත් එහෙමද?

      Delete
  2. Econo is correct, some of us can't imagine how we (poor and educated)survived during JVP+UNP terror. Sad thing is JVP+UNP is in the same govt.

    ReplyDelete
    Replies
    1. ඒ කාලය ගැන වඩාත් අපක්ෂාපතිව ලියනවා නම් හොඳයි. හැබැයි පොත් දෙක තුනක් තියනවා නේද , ධර්මන් වික්‍රමරත්න ගේ හෙම .

      Delete
  3. අජිත් ධර්ම මහත්මයා කියන්නේ කොයිතරම් කළෙහිගුණ නොදන්නා අයෙක්ද කිවතොත්, ඔහු දැන් සිටිනා ජිවිත තත්වයට ලබා ඒමට අවශ්‍ය අධ්‍යාපය, ඉදුම් හිටුම්, රැකවරණය ආදිය කාරුණිකව ලබා දුන් රුසියානු රටට කෙලවෙනවා නං කැමති. අජිත් ධර්ම මහත්මයාට අමතක වෙලා ඔහු දැන් බටහිර රටක සිටියට, ඒ සදහා අවශ්‍ය අඩිතාලම වැටුනේ රුසියාවේ ලබාගත් අධ්‍යාපනය නිසා කියලා. ඇත්තටම බැලුවොත් සෝවියට් සංගමය කරා වගේ මොන බටහිර රටවල්ද අපේ වගේ රටවල සිසුන් ගෙන්වා ගෙන ශිෂ්‍යත්ව ප්‍රධානය කරලා, අධ්‍යාපනය ලබා දුන්නේ?

    පසුගියදා අජිත් මහතා ලියලා තියෙනවා සෝවියට් සංගමය එහෙම විදෙස් සිසුන්ට ශිෂ්‍යත්ව ප්‍රධානය කොට ඉගැන්වුයේ, ලංකාව වගේ රටවලට කර්මාන්තශාලා ආදිය ලබාදුන්නේ ලෝකෙට පේන්න කියල. තමුන්ට කාරුණික රැකවරණය, අධ්‍යාපනය ලබාදුන් රටකට එරහිව මෙවැනි අවලස්සන ප්‍රකාශයක් කරන්න පුළුවන් ඔබට විතරමයි මහත්මයා.

    රුසියානු ජනාධිපතිධුරන්දර පුටීන් මැතිතුමා සහ ඇමරිකානු ජනාධිපතිධුරන්දර ට්‍රම්ප් මැතිතුමා මිත්‍රයි කියලත් අජිත් මහත්මයා පහුගිය දිනවල ලියපු දේවල් අපි දැක්කනි. ඔබතුමාගේ සටහන් කියවද්දී මට හරිම පුදුමයි මහත්මයා මනුෂ්‍යයෙක්ට මෙවැනි තරම් පහත් තත්වයකට වැටිය හැකිදැයි කියා.

    ReplyDelete
    Replies
    1. //අජිත් ධර්ම මහත්මයා කියන්නේ කොයිතරම් කළෙහිගුණ නොදන්නා අයෙක්ද කිවතොත්, ඔහු දැන් සිටිනා ජිවිත තත්වයට ලබා ඒමට අවශ්‍ය අධ්‍යාපය, ඉදුම් හිටුම්, රැකවරණය ආදිය කාරුණිකව ලබා දුන් රුසියානු රටට කෙලවෙනවා නං කැමති.// රුසියාවට කෙලවෙනවට කැමතියි කියල කොහෙද මම කියල තියෙන්නේ. රටවල් කිසිම එකකට කෙලවෙනවට අපි කවුරුත් කැමති නැහැ. ලංකාවට වුනත් එහමයි. දේශපාලන විවේචන රටවල් නැති වෙන්න කිරීම හැටියට ගණන් ගැනීම ලෙඩක්.

      Delete
    2. //අජිත් ධර්ම මහත්මයාට අමතක වෙලා ඔහු දැන් බටහිර රටක සිටියට, ඒ සදහා අවශ්‍ය අඩිතාලම වැටුනේ රුසියාවේ ලබාගත් අධ්‍යාපනය නිසා කියලා. ඇත්තටම බැලුවොත් සෝවියට් සංගමය කරා වගේ මොන බටහිර රටවල්ද අපේ වගේ රටවල සිසුන් ගෙන්වා ගෙන ශිෂ්‍යත්ව ප්‍රධානය කරලා, අධ්‍යාපනය ලබා දුන්නේ? // සොවිඅට් දේශය එහෙම කළේ රටට විශේෂන්ඥයෝ දෙන්න වගේම සමාජවාදී දෘෂ්ටිය පතුරුවන්න. සේම සෝවියට් දේශය ගැන ඇති මිත්‍යාවන් අයින් කරන්න. බටහිර රටවල තියෙනෙන් ධනවාදී ක්‍රමයක්. ඔවුන්ට එසේ කිරීම අවශ්‍ය නැහැ,මට ඔය ඔබ කියන විධිහට අමතක වෙලා නම් මේවා ලියන්නේ ඇයි ? අමතක වුනු නිසාද?

      Delete
    3. //පසුගියදා අජිත් මහතා ලියලා තියෙනවා සෝවියට් සංගමය එහෙම විදෙස් සිසුන්ට ශිෂ්‍යත්ව ප්‍රධානය කොට ඉගැන්වුයේ, ලංකාව වගේ රටවලට කර්මාන්තශාලා ආදිය ලබාදුන්නේ ලෝකෙට පේන්න කියල. තමුන්ට කාරුණික රැකවරණය, අධ්‍යාපනය ලබාදුන් රටකට එරහිව මෙවැනි අවලස්සන ප්‍රකාශයක් කරන්න පුළුවන් ඔබට විතරමයි මහත්මයා.// මේක ගැන කියල තියෙන්නේ කෙලින් අදහස් නොකිය ලියන "ironical" (සිංහල වචනය දන්නේ නැහැ) ප්‍රකාශ ඔබට තේරෙන්නේ නැති බවයි. ඒ පැසේජ් එකේ ලියල තියෙනෙන් මේ වගේ අදහසක් - මොකට මෙහෙම ශිෂ්‍යත්ව දුන්නද මුන්ට - මොකට එක එක ඒවා හැදුවද ගුණමකු මිනිසුන්ට - තමන්ගේ රටේ මිනිස්සු ගැන බලන්නේ නැතිව කියල. එහෙම බැලුවා නම් ඔය ඒ අනිත් රටවල් මිනිසුන්ට වඩා තෙරෙනේව කියල. නැවත කියනන් කැමතියි ඔවුන් එසේ කලේ දෘෂ්ටිවාදය පතුරුවන්න විතරක් නෙමේ. සෝවියට් ජනතාවට සමාජවාදී පන්තියක් වශයෙන් තමන් විඳින සැප හංගන්න. (මෙන්න අපි ලෝකෙට වැඩ කරනවා. උඹලගේ ජිවිත සැපවත් කරන්න වියදම් කරන්න සල්ලි නැහැ.)

      Delete
    4. //රුසියානු ජනාධිපතිධුරන්දර පුටීන් මැතිතුමා සහ ඇමරිකානු ජනාධිපතිධුරන්දර ට්‍රම්ප් මැතිතුමා මිත්‍රයි කියලත් අජිත් මහත්මයා පහුගිය දිනවල ලියපු දේවල් අපි දැක්කනි. ඔබතුමාගේ සටහන් කියවද්දී මට හරිම පුදුමයි මහත්මයා මනුෂ්‍යයෙක්ට මෙවැනි තරම් පහත් තත්වයකට වැටිය හැකිදැයි කියා.// පුටින් කියන්නේ ඒකාධිපතියෙක්. ඔටෝක්‍රටික්. යෙල්ට්සින් ගෙන් පස්සේ රට නැන්වුවට ඔබ නොකියවපු මගේ ලිපියක ඒ ගැන සඳහන් කරලා තිබෙනවා. නමුත් ඊට පස්සේ අර ලොකු සල්ලිකාරයෝ - අබ්‍රමොවිච් වගේ අයට මුකුත් කලේ නැහැ. ඉන්න දුන්න. වංචා දුෂණ කරන අයගේ ෆයිල් ගෙන්න ගෙන තමන් ළඟ තියාගෙන ඔවුන් පාලනය කලා . දැනුත් කරන්නේ එක. මම ගිය අගෝස්තුවේ රුසියාවට ගියා. කතා කරපු හැම සමනය මිනිහෙක්ම කැමති නැහැ. බයෙන් ජිවත් වෙන්නේ. ඕකයි ඇත්ත. අනික රුසියාව කියන්නේ සෝවියට් දේශය නෙමෙයි. මම එක දෙයකට කැමතියි. ඇමෙරිකාවට විරුධව හිට ගණන් රුසියාව නැවතත් බලවත් රාජ්‍යයක් කරපු එකට. නමුත් තුර්කියේ එර්දොගන් හා පුටින් දෙන්නම ඒකාධිපතියි. ට්‍රම්ප් සමග මිත්‍රත්වය තෙල් සම්බන්ධ දෙයක්. ඔතන බිස්නස් එකක් යන්නේ. ට්‍රම්ප් එහෙම ඒකාධිපති වෙන්න හදනවා. නමුත් දැනට ඇමෙරිකන් සිකුයුරිටි සර්විස් එකට පැරදිලා ඉන්නේ. අනික ඇමෙරිකාවේ නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය බලවත්. ට්‍රම්ප් ට තවම තමන්ට ඕනෑ හැටියට නටන්න බැරි වෙලා තියෙන්නේ. අන්තිම වාක්‍යය ඔබ මා ගැන ඇති අදහස. ඔබට ඕනෑ දෙයක් හිතා ගත්තට ප්‍රශ්නයක් නැහැ.

      Delete
    5. ඇත්තටම ඒ කිව්ව දේට (ගිය ලිපියේ) මේ සෝවියට් දේශයට් තිබුනේ තමන්ගේ වැසියන්ට සලකන්නැ කියන එක - ironical කියනවට වඩා ඔක්සිමොරෝන් කියන එක හොඳයි. :) එසේම ඔය මහත්මය මෙහි ඇවිත් ලිපි කියවා විවේචනයක් ඉදිරිපත් කිරීම ගැන සතුටුයි.
      oxymoron -O brawling love! O loving hate!
      O anything of nothing first create!
      O heavy lightness, serious vanity!
      Misshapen chaos of well-seeming forms!
      Feather of lead, bright smoke, cold fire, sick health!
      Still-waking sleep, that is not what it is!
      This love feel I, that feel no love in this - Shakespeare
      උපුටගත්ටෙහැ විකිපෙඩියා

      Delete
    6. මේ ඇනෝ අර මැක්කාගේ රචනාව වගේ කොහෙන් හරි හැම ලිපියටම ඔලුව දාලා ,,ගුණමකුවා අරක මේක කියලා ටෝක් ටිකක් අතහරිනවා ..මට පේන්නේ මේ ඇනෝ නිකන් බයිට් ආතල් එකක් ගන්නේ ..සෝවියට් දේශය ගැන කතා මාර රහයි ..පොඩි නිකන් ඉරිසියාවක් වගේ එනවා මට බැරි උනානේ සෝවියට් දේශයට ඉගෙන ගන්න යන්න කියලා (මම ඇනෝ මේ මැක්කා ඇනෝ නොවන බව කරුණාවෙන් සලකන්න )

      Delete
    7. හොඳයි හොඳයි , ස්තුතියි

      Delete
  4. සිවලිංගම් සෙල්වකුමාර් මගේ පාසල් සගයෙක්. මා මෙන් ම, දහවෙනි ශ්‍රේණිය සඳහා පාසලට පැමිණි සිය ගණනක සිසුන්ගෙන් එක් අයෙක්. ඔහු ආනන්දයේ ඉගෙනීමට පැමිණ සිටියේ ඔහු බුද්ධාගමේ නිසාත් බවයි මගේ මතකය. අප ගණිතය ධාරාව තෝරාගත් පසු 11 සහ 12 ශ්‍රේණිවල එකම පන්තියේ යි සිටියේ. එදායින් පසුව නැවත හමු වී නෑ.
    සිවලිංගම් සෙල්වකුමාර් මගේ පාසල් සගයෙක්. මා මෙන් ම, දහවෙනි ශ්‍රේණිය සඳහා පාසලට පැමිණි සිය ගණනක සිසුන්ගෙන් එක් අයෙක්. ඔහු ආනන්දයේ ඉගෙනීමට පැමිණ සිටියේ ඔහු බුද්ධාගමේ නිසාත් බවයි මගේ මතකය. අප ගණිතය ධාරාව තෝරාගත් පසු 11 සහ 12 ශ්‍රේණිවල එකම පන්තියේ යි සිටියේ. එදායින් පසුව නැවත හමු වී නෑ.

    ReplyDelete
    Replies
    1. මම හිතන්නේ රසිකලොජි ඔය ගැන මට කියා තිබෙනවා. මේ රිපීට් වෙන්නේ ඉබේද? ඔහු බුද්ධාගමේ හෝ ඒ ගැන හොඳ අවබෝධයක් තිබුන. (දෙමලේ කෙනෙක් බෞද්ධ වෙන එක ලොකු ප්‍රහ්නය්ක් නෙමෙයිනේ. බුද්ධාගම කියන්නේ එක ජාතියකට අයත් ආගමක් නෙමෙයිනේ ) මෙවර ලංකාවට ගිය වෙලේ හමු වුණා.

      Delete
    2. මට මේ හදිසියේ කල්පනා වුනේ. රසික අපට වැඩිය හුඟක් සීනියර් නේද? මොකද මම සෝ.දේ යනකොටත් දෙවන වසරේ සීනියර් සිසුවෙක්. මට වැඩිය අවුරුදු 4 ක් වත් වැඩිමල්.

      Delete
  5. අජිත් ඒ කාලේ නිකං අජිත කේශකම්බලී හෝ අජිත කොණ්ඩඤ්ඤ වගේ නේ!

    ;-)

    ReplyDelete
    Replies
    1. ඒකනේ කොණ්ඩේ ගමකට. වතුර ප්‍රශ්නයක් නිසා කියල තමයි කීවේ දොස්තර කට්ටිය. (කොණ්ඩේ යාමට හේතුව)

      Delete
    2. ඇයි කලට වේලාවට වතුර මාරුකලේ නැතිද..? නැත්තං දනිස් හූරං යනකං ඕනවට වඩා වතුර මාරු කරලද..?

      Delete
  6. ඊලඟ කොටසත් ලියන්නකෝ එහෙනම්... හැබයි අය්යේ අර තාන්වි, ගිහාන්ගෙයි කතාව දැන් අමතක වෙලාම ගිහින් වගේ නේද... ඒකත් ලියමු නේද...

    ReplyDelete
    Replies
    1. මේ ලියාගෙන යන්නේ ඒ කතවට පසුබිම් හදාගන්න. අමතක වෙලා තිබුනේ.

      Delete
  7. රසවත් ලියවිල්ලක් අජිත් අයියා.සෝවියට් විශ්ව විද්‍යාල පද්දතිය බිහි කරපු ගොඩක් දෙනා ලෝකේ වටේම සේවය කරනවානේ.

    ReplyDelete
  8. "මේ සියල්ලන්ම අපොස උසස් පෙළ සමත් දිස්ත්‍රික් ක්‍රමය නිසා ඒ ඒ විශ්ව විද්‍යාල වලට යාමට නොහැකි වුනු සරසවි වලට ඇතුලත් වීමට සුදුසුකම් තිබූ හෝ සරසවී සඳහා ප්‍රවේශයන් ලැබූ අයයි."

    වෙන්ට බෑ... ඔය අන්තරේ දොස්තර මහත්තුරු කියන්නේ ලංකාවේ කැම්පස් යන්න බැරි වෙච්ච ඔක්කෝම මැට්ටෝ කියලා :-)

    ReplyDelete
    Replies
    1. හේ හේ එහෙමත් කියනවද ඒ අය

      Delete
  9. This comment has been removed by a blog administrator.

    ReplyDelete
    Replies
    1. This comment was deleted by mistake : I will restore it when I will be back from my holiday . Sorry about that .

      Delete
  10. අම්මපා මේවගේ ලෝකය පුරා රටවල කසඩයන්ට නිකන් උනන්නලා උන් ධනපතියන්ටත් එහාට ගිය ප්‍රතිගාමී වෙනවා බව දන්නවානම් ස්ටාලින් වලෙන් නැගිටලා ඇවිත් බඩ කපා ගන්නවා...

    මාක්ස්වාදය ගැන මහා පරිචයක් තියන බව ප්රදශ්නය කරන ගමන් සේවය කරන්නේ ආන්තික දක්ෂිනන්ශිකයට..., නිග්‍රහ කරන්නේ ලංකාවේ ශිෂ්‍ය වියාපරයට.. සහ සමාජවාදයට...ලගින්ම ඉන්නේ මහා භීෂණයේ තරුණ තරුණියන් වදකකගරවල මරා දැමු මිනීමරු දත් දොස්තරලා ළඟ. තෙමුන් ට තියෙන්නේ දාර්ශනිකයෙක් විදියට ලංකාවේ පොඩි ප්‍රසිද්ධියක් අරගෙන දෙස්පාලුවෙක් ළඟ උපදේශක කෙනෙක් වෙන ප්ලෑනක් ..තමුසේ එක කරගන්නවා..එක අපිද අදාළ නැහැ..නමුත් තමුසෙට එහෙම කරන ගමන් සමාජවාදියෙක් විදියට පෙනිහිටින්න දෙන්න බැහැ ...අපි තමුසෙව එළිදරව් කරනවා.

    අර ලන්ඩන් වල ඉන්න මාක්ස්වාදයේ මල හත්තිලව්වක් දන්නේ නැති කුරුට්ටන්ට තමුසේ පොරක් උනාට තමුසෙලා වගේ එවුන් තමයි 89 බිල්ලෝ උනේ..ඒවගේම අනාගතේ බිල්ලෝ වෙන්නෙත්..අපි ඒක දන්නවා..

    ReplyDelete
    Replies
    1. අංක එක - ඕක ස්ටාලින් නෙමේ පටන් ගත්තේ. ස්ටාලින් ගෙන් පස්සේ. ස්ටාලින් තමයි සම්ජවදය් විකෘති කලේ මම හිතන් විධිහට. නමුත් ස්ටලින්වාදීන් එහෙම හිතන්නේ නැහැ. උදාහරණයක් වශයෙන් විජේවිරවාදීන් එහෙම හිතන් එකක් නැහැ.
      //නිග්‍රහ කරන්නේ ලංකාවේ ශිෂ්‍ය වියාපරයට// ශිෂ්‍ය ව්‍යාපාරයකට නිග්‍රහ කරල තියෙන්නේ කොහෙද? හැබැයි ලංකාවේ ශිෂ්‍ය ව්‍යාපාරය කියන්නේ වරින් වර අදාළ පක්ෂවල් ග්‍රහණයට නතු වෙච්ඡ ඒවා පමණයි නේද?
      //ලගින්ම ඉන්නේ මහා භීෂණයේ තරුණ තරුණියන් වදකකගරවල මරා දැමු මිනීමරු දත් දොස්තරලා ළඟ// මොන මෝඩ කතාවක්ද ? ඔය කියන දත් දොස්තරලා කවුද? රාජිත ගැන නම් කියන්නේ - රාජිතත් හිටිය පක්ෂ එක්ක සභාග් ගහපු එවුන්, රාජිත හිටි ආණ්ඩු එක්ක පරිවාස කරපු එවුන්, රාජිත ගිය පැත්තට දුෂණයට විරුද්ධව කියල සපෝර්ට් කරපු එවුන් ගැන මොකද කියන්නේ? මම නම් මනුස්ස කමට වේදිකාවේ හිටි කෙනෙක් එක්ක කතා කලා. දැක්කෙත් එදාමයි. උඹල වගේ ගොන්නු.
      // දාර්ශනිකයෙක් විදියට ලංකාවේ පොඩි ප්‍රසිද්ධියක් අරගෙන දෙස්පාලුවෙක් ළඟ උපදේශක කෙනෙක් වෙන ප්ලෑනක් // මට රස්සාවක් තියනවා එංගලන්තේ මනුස්සයෝ. ලංකාවට ඇවිත් මොකෙක් ගාවවත් ඉන්න කොහෙත්ම බලාපොරොත්තුවක් නැහැ.
      //.අපි තමුසෙව එළිදරව් කරනවා.// ඉතින් කරනවකෝ බලන් ඉන්නේ මොකද
      //ර ලන්ඩන් වල ඉන්න මාක්ස්වාදයේ මල හත්තිලව්වක් දන්නේ නැති කුරුට්ටන්ට// ඉන්දල් හිටලා අත්තත් කියනවනේ. හේ හේ :)
      // තමුසේ පොරක් උනාට තමුසෙලා වගේ එවුන් තමයි 89 බිල්ලෝ උනේ..ඒවගේම අනාගතේ බිල්ලෝ වෙන්නෙත්..අපි ඒක දන්නවා..// මේක ලියන්න ඇත්තේ එහෙම එකෙක් වෙන්න ඇති නේද?ලන්ඩන් වලට පැනපු ආපු කිහිප දෙනෙක් අතරේ බිල්ලොත් හිටියයි කියල නම් දන්නවා. සෝමවංශ අමරසින්හත් එහෙමලු නේද?




      Delete
    2. //මාක්ස්වාදය ගැන මහා පරිචයක් තියන බව ප්රදශ්නය// මාක්ස්වාදය කියන්නේ මම නිතර ඉගෙන ගන්න දෙයක්, කියවන දෙයක්, හැබැයි එකට විරුද්ධව තියෙන අනිත් ඒවත් කියවනවා. ඒවා කියවන්නේ කාටවත් පෙන්වන්න නෙමෙයිනේ. තමන් සඳහා. තමන්ට තේරෙන දේ ලියනවා ප්‍රශ්න කරනවා. ඒකෙ ඇති වැරැද්ද මොකක්ද? නැත්නම් ඒවා ඔක්කොම ඔහෙලට ලියල දීලද කවුරු හරි ?

      Delete
  11. අජිත් මහතා වෙත,
    ඔබගේ බ්ලොග් අඩවිය හරහා අප කමිටුව සම්භන්ධව ඔබ පැවසු කරුණකට යම් පිළිතුරක් දීම සඳහා මෙසේ ලියමු.
    අප ඔබ සමග යම් දේශපාලනික කතිකාවකට එළඹියේ ඔබ, ඔබගේ ඉතිහාසය, සහ ඔබගේ හැසිරීම සම්භන්ධව මන දැනීමකින් යුතුවය. ඔබ, ලංකාවේ මාක්වාදී වියාපාරය, අන්තර් විශ්වවිද්යාලිය ශිෂ්‍ය බල මණ්ඩලය පිලිබන්ධව හීනමානයෙන් යුතුව ඔබ දක්වන ප්‍රතිගාමී-සුළු ධනේශ්වර ස්ථාවරයද, එකල ලංකාවේ මිනීමරු අතුරු හමුදා නායකයින් සමග ඔබ දක්වන හිතවත්කම්ද පිලිබන්ධව අපහට මනා වැටහීමක් අප සතුව ඇත.
    ඒ කෙසේ වෙතත්, ඔබහට මාක්ස්වාදයේ යම් කරුණක් පිළිබඳව පෙරටුගාමී වියාපාරයේ ලන්ඩන් කමිටු සාමජිකයෙකු හා ප්‍රසිද්ධ විවාදයකට අවශ්‍ය නම්, අප ඕනෙම අවස්ථාවක අප සුදානම්ය. අප ප්‍රසිද්ධ විවාදයකට එකඟය, ඔබගේ බ්ලොග් අඩවිය තුලින්ම එම විවාදය එය අවශ්‍යනම් ප්‍රචාරය කල හැකිය. අපව අමතන්න.

    ReplyDelete
    Replies
    1. //අප ඔබ සමග යම් දේශපාලනික කතිකාවකට එළඹියේ ඔබ, ඔබගේ ඉතිහාසය, සහ ඔබගේ හැසිරීම සම්භන්ධව මන දැනීමකින් යුතුවය// මොන බොරුද? මමම කිව්වා මිසක්.
      // ඔබ, ලංකාවේ මාක්වාදී වියාපාරය, අන්තර් විශ්වවිද්යාලිය ශිෂ්‍ය බල මණ්ඩලය පිලිබන්ධව හීනමානයෙන් යුතුව ඔබ දක්වන ප්‍රතිගාමී-සුළු ධනේශ්වර ස්ථාවරයද// මාක්වාදී ව්‍යාපාරය කියන්නේ මොකක්ද කියල නම් දන්නේ නැහැ. නමුත් ඒ කාලේ සුළු ධනේශ්වර ජාතිවාදී දේශපාලනයේ දී සිටි ජවිපෙ සගයෙක් නම් මට ඔහොම කිව්වා. 1989 හෝ 90 විතර මම හිතන්නේ. සෝවියට් දේශයේ ඉඳල මම සුළු ධනේශ්වර වෙලා කියල. ඒ යාලුවගෙන් අහන්න ඕනේ දැන් සුළු ධනේශ්වර කියන්නේ මොකක්ද කියල . මොකද එතුමා දැන් රජයේ ලොකු නිලධාරියෙක්.
      // හීනමානයෙන් යුතුව // ඔඅබ් ලන්ඩනයේ ඉන්නවා නම් දන්නවා ඇතිනේ මට රැකියාවක් තියනවය, උපාධියක් දෙකක් තියනවය අමුතුවෙන් මධ්‍යම පන්තික වෙන්න ඕනේ නැතිය කියල. ඔය හීනමානය තියෙන්නේ මම හිතන්නේ ලංකාවේ විශ්ව අ විද්‍යාල වල ඉඳල මෙහෙ ඇවිත් ඉඑගෙන ගත්ත එකට නොව කඩවල එහෙම වැඩ කරන අයට නේද? ඒකනේ අර ළමයින්ව හෙම සුළු ධනේශ්වර හිනිපෙත්ත දිගේ නංවන්න උදේ ඉනදල් ර වෙනකන් දත කන්නේ.

      Delete
    2. //එකල ලංකාවේ මිනීමරු අතුරු හමුදා නායකයින් සමග ඔබ දක්වන හිතවත්කම්ද පිලිබන්ධව අපහට මනා වැටහීමක් අප සතුව ඇත// ආච්චිගේ රෙද්ද ගැන ඔයිට වැඩිය වැඩි වැටහීමක් ඇති නේද? කවුද යන්න බලන්න ඔය අතුරු හමුදා නායකයෝ මාත් සමග සම්බන්ධ කම් පවත්තන? ඔබතුමලනම් අතුරු හමුදා නායකයන් ගෙන්වලා දේශනාත් පවත්වනවා නේද?

      Delete
    3. //ඔබගේ බ්ලොග් අඩවිය හරහා අප කමිටුව සම්භන්ධව ඔබ පැවසු කරුණකට යම් පිළිතුරක් දීම සඳහා මෙසේ ලියමු.// අමතක වුණා මොකද්ද මේ කරුණ කියල අහන්න.

      Delete
    4. //ඒ කෙසේ වෙතත්, ඔබහට මාක්ස්වාදයේ යම් කරුණක් පිළිබඳව පෙරටුගාමී වියාපාරයේ ලන්ඩන් කමිටු සාමජිකයෙකු හා ප්‍රසිද්ධ විවාදයකට අවශ්‍ය නම්, අප ඕනෙම අවස්ථාවක අප සුදානම්ය.// අපොයි බැහැ . අවුරුදු දෙකක් තිස්සේ ඇහුව නෙව. මාක්ස්වාදය ගැන ඔබල දන්නා ගිරවා මෙන් කටපාඩම් තොරතුරු මාක්ස්වාදී වෙබ් අඩවියකට ගියහම මටත් බලා ගන්න පුළුවන්. ඔයාලට ජයග්‍රහණය මේන් දෙනවා . භාර ගන්න.
      //පෙරටුගාමී වියාපාරයේ// මේ කාගේද දිප්තිලගේ පෙරටුගාමී පක්ෂයද? පෙරටුගාමී සමාජවාදී පක්ෂයද?

      Delete

මෙහි ඇති ඕනෑම ලිපියක් අජිත් ධර්මකීර්ති, අජිත් ධර්ම හෝ කොළඹ ගමයා බ්ලොග් ලින්ක් එක යටතේ උපුටා පල කිරීමට පුළුවන.
මෙහි පලවන ලිපි සහ දේශපාලන අදහස් මගේ පෞද්ගලික අදහස් පමණි.
ඔබේ ඕනෑම කොමෙන්ටුවක් මෙහි පල කරනු ලැබේ. නමුත් වෙනත් කෙනෙකුට සාධාරණ හේතුවක් නැතුව පහර ගසන අශිලාචාර අන්දමේ කොමෙන්ටු පමණක් පල නොකරමි. කොමෙන්ට් දමන සියල්ලන්ටම ස්තුතියි.